Integrated Systematic Approach (InSA) – Colombo District Program

විදේශ රැකියා නියුක්ත විගමනික ශ්‍රමික පවුල් සංවර්ධනය සදහා එකාබද්ධ ක්‍රමවත් ප්‍රවේශයක් – Integrated Systematic Approach (InSA) - කොළඹ දිස්ත්‍රික් වැඩසටහන


විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ විදේශ රැකියා අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන Integrated Systematic Approach (InSA) වැඩසටහනේ 2වන වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහන කොළඝ, කොලොන්නාව, මහරගම, හෝමාගම හා තිඹිරිගස්යාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ සේවය කරනු ලබන සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, වනිතා සංවර්ධන නිලධාරීන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් , නිපුණතා සංවර්ධන නිලධාරීන් ,ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරීන්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බස්නාහිර පලාත් කළමනාකරාතුමිය හා විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් 2025 ඔක්තෝබර් 16 දින කෙළඹ Renuka City හෝටලයේදි පවත්වන ලදි.
මෙම වැඩමුළුවේ අරමුණ වන්නේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ විගමනික පවුල් සංවර්ධනය සදහා ක්‍රමවත් සහ එකාබද්ධ ප්‍රවේශයක් ලෙස InSA ක්‍රමවේදය හඳුන්වා දි ඒ පිලිබද ව එම නිලධාරීන්ට පුහුණුව ලබාදිමයි.
විදේශ රැකියා අතිරේක ලේකම්(සංවර්ධන) ආචාර්ය එම්.එම්.එස්.එස්.බි. යාලේගම මහතාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කේ. නිකරිල්කාන්ත් මහතාගේ සහභාගිත්වයෙන් 2025 ඔක්තෝබර් 30 දින පැවති වැඩසටහනේ පුහුණු කටයුතු විදේශ රැකියා සංවර්ධන අංශයේ පුහුණුකරුවන් පුහුණුකිරිමේ ඒකකයේ ඊ.ඒ.කේ.ලංකා සුමනදාස මහතා හා ජි.ජි.එන්.එල්.රාජිනි මෙනෙවිය විසින් සිදුකරන ලදි. මේ සදහා මුල්‍ය දායකත්වය හා සංවිධාන සහාය සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධනය පිලිබඳ ජාත්‍යන්තර සංවිධානය (International Center for Migration Policy Development -ICMPD) ලබාදෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *